අපගේ දැක්ම

“කාර්යක්ෂමව හා ඵලදායීව සේවා සපයන විශිෂ්ඨතම රාජ්‍ය ආයතනයක් බවට පත්වීම”

අපගේ මෙහෙවර

“රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම”

කොට්ඨාසය පිළිබඳ තොරතුරු

ඵෙතිහාසික ගාලු දිස්ත්‍රික්කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19න් එකක් වන අපගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බස්නාහිර පළාතේ සිට දකුණු පළාත වෙත ප්‍රවේශ වීමේ දී ප්‍රධාන පිවිසුම් දොරටුව ලෙසින් පිහිටා ඇත. අපගේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය, වෙරළ කලාපයට සමාන්තරව උතුරේ සිට දකුණට කි.මී 9.5 පමණ විහිදෙන අතර, වෙරළ තීරයේ සිට කි.මී 12ක් රට අභ්‍යන්තරයට බෙන්තොට කොට්ඨාසය විහිදී ඇත.

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුහුදුබඩ සීමාව හා බෙන්තර ගඟට සමාන්තරව විශාල කලාපයක් සංචාරක පුරවරයට අයත් වන අතර එහි මහා පරිමාණ සංචාරක නිකේතන හා හෝටල් පිහිටි ඇත.ප්‍රදේශයේ පවතින අභ්‍යන්තර ජලාශ හා දූපත් නිසා ප්‍රදේශයට අලංකාරයක් මෙන්ම සංචාරක ආකර්ෂණීය ගෙන දී ඇත. දෙද්දූව ජලාශය ආශ්‍රිත ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට වත්මන් රජයේ ද දැඩි අවධානය යොමු වී ඇත.

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටීම,

උතුරු අක්ෂාංශ 60 - 200, 60 – 210 ක් හා

නැගෙනහිර දේශාංශ 800 - 00, 800 – 90 අතර පිහිටා ඇත.

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මායිම් පහත පරිදි වේ.

උතුරින් හා ඊසාන දිගින් කළුතර දිස්ත්‍රික් මායිම ද,

නැගෙනහිරින් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ද (ඇල්පිටිය ඇළ)

දකුණින් කරන්දෙණිය හා බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ද

බටහිරින් ඉන්දියන් සාගරය ද වේ.

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතිහාසය

ජනප්‍රවාද වලට අනුව බෙන්තොට ප්‍රදේශයට නම් පටබැදී ඇත්තේ එවකට බෙන්තර ගං තොටට අරක් ගත් “බෙම්” නැමැති යක්ෂයාගෙන් බව පැවසේ. මුල් කාලයේ දී මෙම යක්ෂයා නිසා ප්‍රසිද්ධ වූ බෙම්තොට පසුව ජනවහරේදී බෙන්තොට වූ බව විශ්වාස කෙරේ. එමෙන්ම අතීතයේ දී අප රට පාලනය කළ ලන්දේසීන්, බෙන්තොට මුහුදු තීරය ඔස්සේ ලංකාවට ප්‍රවිශ්ඨ වීමේ නැව් තොටක් ලෙස ද භාවිතා කර ඇත.

බෙන්තොට ප්‍රදේශය ඵෙතිහාසික වශයෙන් ඉතා ඈත අතීතයකට දිවයන ඉතිහාසකට උරුමකම් කියනු ලබයි.ඵෙතිහාසික වශයෙන් වැදගත් වන බෝධි සමීප රජමහා විහාරය, වනවාස රජමහා විහාරය, ගනේ පුරාණ රජමහා විහාරය, බෝධිමළුව රජමහා විහාරය  හා ගලපාත රජමහා විහාරය යන විහාරස්ථාන පහක් කොට්ඨාසය තුළ පිහිටා ඇති අතර මෙම විහාරස්ථාන සම්බන්ධ කරමින් යා හැකි උමං මාර්ගයක් ද එකල පිහිටා තිබූ බවට පුරා විද්‍යාත්මක සාධක හමු වී ඇත. දුටුගැමුණ රජුගේ සොහොයුරු සද්ධාතිස්ස කුමරු විසින් යුධ සේනා රැස් කිරීමේ දී මෙම ප්‍රදේශයේ රැදී සිටි බවත් එලෙස සෙබළුන් සිටි ස්ථානයක් ලෙස කයිකාවල ප්‍රදේශය යොදාගත් බවත් සඳහන් වේ.

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටීම

කොළඹ දෙසින් පැමිණෙන විට, අළුත්ගම නගරයේ සිට කි.මී 03ක දුරකින් හා ගාල්ල දෙසින් පැමිණෙන විට කි.මී 69ක දුරකින් ගාලු පාරට මුහුණලා, බෙන්තොට ප්‍රාදේශීය සභාවට යාබදව අප කාර්යාලය පිහිටා ඇත.

mapeng

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මහජනතාව සඳහා කාර්යක්ෂම සේවාවක් ලබා දීමට මානව හා භෞතික සම්පත් පහසුකම් සලසා දී ඇත. සේවාලාභීන් සඳහා තෘප්තිමත් හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීමට සංවිධානාත්මක ආයතන ව්‍යුහයක් සමඟ ඵලදායී ලෙස ආයතනය සතු මානව සම්පත් මෙහෙය වීම සිදු කරනු ලබයි. දිනකට සේවාලාභීන් 150 - 175 අතර ප්‍රමාණයක් තම සේවා ලබා ගැනීමේ අරමුණින් අප කාර්යාලය වෙත පැමිණේ. ඊ - රාජ්‍ය සේවා  සංකල්පය ඔස්සේ යමින් නව තාක්ෂණය භාවිතයෙන් මහජනතාව වෙත කඩිනමින් සේවා සැපයීමට අප කාර්යාලයේ පහසුකම් මේවන විටත් සලසා ඇත.

වර්ෂ 1960 සිට 2010 දක්වා දිවයින තුළ සියළුම උපැන්න, විවාහ හා මරණ සහතික නිකුත් කිරීමේ පහසුකම් රෙජිස්ට්‍රාර් අංශය තුළ සතුය. එමෙන්ම කොළඹ, ගම්පහ හා කුරුණෑගල දිස්ත්‍රික්කවලට අදාල උප්පැන්න, විවාහ හා මරණ සහතික 2015 වර්ෂය දක්වා නිකුත් කිරීමේ හැකියාව ඇත. තවද දකුණු පළාත තුළ සියළුම වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පහසුකම අප සතුය.

බෙන්තොට කොට්ඨාසය භාරව සිටි පරිපාලන නිලධාරින්

අංකය නම සේවය කළ වර්ෂය
ප්‍රාදේශීය ආදායම් නිලධාරීන්
 01 ඩී එස් කරන්නාගොඩ මහතා  1962
 02 එම් ජී චන්ද්‍රරත්න මහතා  1967
 03 වයි ඩබ් ගුණවර්ධන මහතා  1968
 04 කේ ඩබ් ලිවේරා මහතා  1970
   සහකාර ආණ්ඩුවේ ඒජන්ත / ප්‍රාදේශීය උප දිසාපතිවරු
 05 එන් ඒ ඕබඩගේ මහතා  1972
 06 ඊ ඊ ජිනදාස මහතා  1973
 07 එස් ජී උඩමත්ත මහතා  1974
 08 එම් ජී එස් දම්මසේන මහතා  1975
 09 ඩී සෝමජීව මහතා  1983
   ප්‍රාදේශීය ලේකම්වරු/ අතිරේක දිසාපතිවරු
 10 ඩී සෝමජීව මහතා  1990
 11 ටී ඒ ගුණදාස මහතා  1992.08
 12 ඩබ් වීරකෝන් මහතා (වැඩබලන)  2000.08
 13 යූ ඩී සී ජයලාල් මහතා  2000.12
 14 කේ කේ ගුණපාල මහතා  2006.02
 15 යූ ජී විදුර කාරියවසම් මහතා  2012.10
 16 ඩබ් ඩබ් කේ විතානගේ මහතා (වත්මන්)  2013.11
 17 බන්දුල අබේසේකර මහතා 2020.12.10 සිට 2025.09.11දක්වා
 18 ඩබ්ලිව්.ඒ.ජනහිත මහතා 2025.10.03 වන දින සිට

News & Events

01
ජූනි2026
වෙසක් පොහොය නිමිති කර ගනිමින් පවත්වන ලද සීල සමාදන් වැඩසටහන

වෙසක් පොහොය නිමිති කර ගනිමින් පවත්වන ලද සීල සමාදන් වැඩසටහන

ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් වූ පින්බර වෙසක්...

10
පෙබ2024
නව ප්‍රාදේශීය ලේකම්වරයෙකු පත් කෙරේ

නව ප්‍රාදේශීය ලේකම්වරයෙකු පත් කෙරේ

ඩබ්ලිව්.ඒ.ජනහිත මහතා නවවැනි ප්‍රාදේශීය ලේකම් ලෙස අද...

Scroll To Top