ආයතන අංශය

දැක්ම “තෘප්තිමත් කාර්යය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම”
ප්‍රධාන කාර්යයන්
  1. ග්‍රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම හා සහතික කිරීම
  2. බලපත්‍ර අළුත් කිරීම
  3. ආදායම් සහතික නිකුත් කිරීම
  4. දැව ප්‍රවාහන/ කැපුම් බලපත්‍ර නිකුත් කිරීම
  5. ජාතික හැඳුනුම්පත් සම්බන්ධ කටයුතු
  6. සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම
  7. මීරා/ කිතුල් බලපත්‍ර නිකුත් කිරීම
  8. විභාග ගාස්තු අයකිරීම
  9. සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
  10. ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම
  11. ව්‍යාපාර නාම ලියාපදිංචිය
  12. ගල්/ වැලි ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම

සමාජ සේවා අංශය

දැක්ම

“ප්‍රතිලාභ නොලද හා පීඩා විඳින සමාජ කණ්ඩායම් සඳහා සහන සැලසීම තුළින් සමාජ සංවර්ධනය කිරීම”

ප්‍රධාන කාර්යයන්
  1. ආබාධිත පුද්ගලයින්ට ආධාර හා උපකරණ ලබා දීම
  2. වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම
  3. ආපදා සහන සේවා/ ආපදා කලමනාකරණ කටයුතු
  4. සංස්කෘතික කටයුතු
  5. බෞද්ධ කටයුතු
  6. සමථ මණ්ඩල කටයුතු
  7. සමාජ සේවා කටයුතු
  8. පරිවාස හා ළමාරක්ෂණ කටයුතු
  9. පූර්ව ළමාවිය සංවර්ධන කටයුතු
  10. වනිතා සංවර්ධන කටයුතු
  11. ක්‍රීඩා කටයුතු
  12. ජාතික ඒකාබද්ධතා සම්බන්ධ කටයුතු
  13. විදේශ රැකියා සම්බන්ධ කටයුතු
  14. ප්‍රඡා විශෝධන කටයුතු
  15. මානව සම්පත් සංවර්ධන කටයුතු
  16. මහජනාධාර/ රෝගාධාර නිකුත් කිරීම
  17. සැත්කම් සඳහා ජනපති අරමුදල් නිර්දේශ කිරීම

සැලසුම් අංශය

දැක්ම “නිසි සැලසුම්කරණය තුළින් ගුණාත්මක සංවර්ධනයක් අත්පත් කර ගැනීම”
ප්‍රධාන කාර්යයන්
  1. ක්‍රියාත්මක සංවර්ධන සැලැස්මට අදාළ ප්‍රධාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
    1. විමධ්‍යගත සංවර්ධන වැඩසටහන්
    2. රේඛීය අමාත්‍යාංශ සංවර්ධන වැඩසටහන්
    3. පළාත් සභා සංවර්ධන වැඩසටහන්
    4. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන්
    5. වෙනත් සංවර්ධන වැඩසටහන්
  2. වෙනත් රේඛීය අමාත්‍යාංශ කටයුතු (පළාත් සභා හා මධ්‍යම රජය)
    1. කෘෂිකර්මාන්තය/ සත්ත්ව පාලනය/ ධීවර/ නිවාස/ සංචාරක අංශයන්හි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
    2. පරිසර/ වෙරළ සංරක්ෂණ අංශයන්හි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
    3. ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු
    4. විද්‍යා හා තාක්ෂණ කටයුතු
    5. ව්‍යවසාය සංවර්ධන කටයුතු
    6. අපනයන සංවර්ධන කටයුතු
    7. ග්‍රාම සංවර්ධන කටයුතු
    8. සුළු වාරිමාර්ග සංවර්ධන කටයුතු
    9. ජන හා සංඛ්‍යාලේඛන කටයුතු
    10. පරිසරය සම්බන්ධන කටයුතු
  3. ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු රැස්වීම් ක්‍රියාත්මක කිරීම
    1. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව පැවැත්වීම
    2. ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව පැවැත්වීම
    3. ප්‍රාදේශීය පරිසර කමිටුව පැවැත්වීම
    4. ප්‍රාදේශීය පෝෂණ කමිටුව පැවැත්වීම
    5. ආහාර සුරක්ෂිත කමිටුව පැවැත්වීම
  4. ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් හා කොන්ත්‍රාත් ආයතන හා සමිති ලියාපදිංචි කිරීම
  5. සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු සකස් කිරීම
  6. වසම්වලට අනුයුක්ත සංවර්ධන නිලධාරීන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම

ගිණුම් අංශය

දැක්ම “විනිවිදභාවයෙන් යුතුව මූල්‍ය ගණුදෙනු ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම”
ප්‍රධාන කාර්යයන්
  1. ප්‍රසම්පාදන කටයුතු
  2. ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
  3. විගණන විමසුම් මෙහෙය වීම
  4. මුල්‍ය ප්‍රකාශන සැකසීම
  5. විශ්‍රාම වැටුප් සම්බන්ධ කටයුතු

රෙජිස්ට්‍රාර් අංශය

දැක්ම “සුරකිමු සහතික පුද්ගල උපතේ සිට මරණය තෙක්”
ප්‍රධාන කාර්යයන්
  1. විවාහ ලියාපදිංචි කිරීම
  2. උප්පැන්න සහතික පිටපත් නිකුත් කිරීම
  3. විවාහ සහතික පිටපත් නිකුත් කිරීම
  4. මරණ සහතික පිටපත් නිකුත් කිරීම
  5. උප්පැන්න සහතිකයේ නම් සංශෝධනය කිරීම
  6. කල් ගිය උපත් ලියාපදිංචි කිරීම
  7. කල් ගිය මරණ ලියාපදිංචි කිරීම

විශේෂ නිවේදනයයි - වර්ෂ 1960 සිට 2024 වන තෙක් දිවයිනේ සියළුම උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට පහසුකම් අප රෙජිස්ට්‍රාර් අංශය විසින් සලසා ඇත. තවද මාර්ගගත ක්‍රමය හරහා ඔබගේ උප්පැන්න, විවාහ හා මරණ සහතික පත්‍ර https://online.ebmd.rgd.gov.lk/ වෙබ් අඩවිය ඔස්සේ ද ලබා ගත හැක. මෙම වෙබ් අඩවිය හරහා දවසේ ඕනෑම වේලාවක දී, ඔබට අවශ්‍ය සහතික පිටපත් ඉල්ලීම ඉදිරිපත් කල හැකිය. ඔබ‍ගේ ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම හා භාර දීම සිදු කරනු ලබන්නේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වැඩ කරන දින වල පමණි.

ඉඩම් අංශය

දැක්ම “භූමි සම්පත තිරසර ලෙස කලමනාකරණය කරමින් රජයේ ඉඩම් අයිතිය ජනතාව වෙත නීත්‍යානූකූලව උරුම කර දීම”
ප්‍රධාන කාර්යයන්
  1. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ සිදුකරනු ලබන සියළු කටයුතු
  2. රජයේ ඉඩම් ආඥා පනත යටතේ සිදුකරනු ලබන සියළු කටයුතු
  3. රජයේ ඉඩම් සන්තකය ආපසු ගැනීමේ පනතට අඳාල කටයුතු
  4. ඉඩම් අත්පත් කර ගැනීමේ පනතට අඳාල කටයුතු/ රජයේ සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට අඳාල කටයුතු
  5. ඉඩම් කට්ටි ආදර්ශන, ඉඩම් සම්බන්ධ සිතියම් සැකසීම
  6. රජයේ ඉඩම් පිළිබඳ දත්ත පද්ධති පවත්වාගෙන යාම
  7. බිම් සවිය
  8. ඉඩම් කච්චේරි පැවැත්වීම
  9. ඉඩම් බදු අයකරගැනීම

සමෘද්ධි අංශය

දැක්ම “අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය ඉහල නංවාලීම තුලින් රටේ ආර්ථික සංවර්ධනයට දායක වීම”
ප්‍රධාන කාර්යයන්
  1. සමෘද්ධි සහනාධාර ලබා දීම
  2. සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  3. නිවාස ලොතරැයි වැඩසටහන
  4. දිරිය පියස නිවාස වැඩසටහන
  5. සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන
  6. ජීවනෝපාය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  7. යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීම
  8. ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  9. ඉතුරුම් ප්‍රවර්ධන වැඩටහන් ක්‍රියාත්මක කිරීම

වාහන බලපත්‍ර අංශය

දැක්ම "කාලය අපතේ නොයවන කඩිනම් සේවයක්"
ප්‍රධාන කාර්යයන්
  1. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
  2. කොන්දොස්තර බලපත්‍ර නිකුත් කිරීම
  3. පාවිච්චි නොකිරීමේ නිවේදන නිකුත් කිරීම
  4. නොබැඳිපත් ලබා දීම

විශේෂ නිවේදනයයි - බස්නාහිර පළාත හැර අනෙකුත් පළාත් හි සියළුම වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පහසුකම් මෙම අංශය විසින් මහජනතාව වෙත සලසා දී ඇත.

News & Events

01
ජූනි2026
වෙසක් පොහොය නිමිති කර ගනිමින් පවත්වන ලද සීල සමාදන් වැඩසටහන

වෙසක් පොහොය නිමිති කර ගනිමින් පවත්වන ලද සීල සමාදන් වැඩසටහන

ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් වූ පින්බර වෙසක්...

10
පෙබ2024
නව ප්‍රාදේශීය ලේකම්වරයෙකු පත් කෙරේ

නව ප්‍රාදේශීය ලේකම්වරයෙකු පත් කෙරේ

ඩබ්ලිව්.ඒ.ජනහිත මහතා නවවැනි ප්‍රාදේශීය ලේකම් ලෙස අද...

Scroll To Top