ආයතන අංශය
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ කෙසේද?
- කොළඹ දෙසින් පැමිණෙන විට අළුත්ගම නගරය පසු කොට කි.මී 3ක් දුරින් ගාලු පාරට මුහුණලා පිහිටා ඇති අතර, ගාල්ල නගරය දෙසින් පැමිණෙන්නේ නම් කි.මී 69ක් පසු කර පැමිණිය යුතුය. බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බෙන්තොට ප්‍රාදේශීය සභාවට ආසන්නයේම පිහිටා ඇත.
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී අයිතිකරු පැමිණිය යුතුද?
- මේ සදහා අදාල ව්‍යාපාරයේ හිමිකරු පැමිණීම අනිවාර්ය වන අතර ජාතික හැදුනුම්පතද රැගෙන ආ යුතුය.
දැව ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගැනීමේ දී ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන මොනවාද?
- සීමිත දැව ප්‍රවාහනය සඳහා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සමඟ අඩවි වන කාර්යාලය වෙත යොමු කළ යුතුය.
- අවසරලත් ගස් 02ක් දක්වා පමණක් ප්‍රවාහනය සඳහා බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් විසින් ලබා දෙනු ලැබේ
- ගස් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය නම්,
- දැව ප්‍රවාහන අයදුම්පත
- අයදුම්කරු වෙත නිකුත් කරන ලද දැව කැපුම් බලපත්‍රය (කොස්,දෙල් හෝ ගැහැණු තල් ගස් හැර වෙනත් ගස් ප්‍රවාහනය සඳහා කැපුම් බලපත්‍ර අවශ්‍ය නොවේ)
- දැව පිහිටි ඉඩමේ ඔප්පු පිටපත
- අයදුම්කරු දැව පිහිටි ඉඩමේ හිමිකරු නොවේ නම් විකිණු දැව වෙනුවෙන් මුදල් ගෙවූ කුවිතාන්සිය
- ප්‍රවාහනය සඳහා දිනය හා වේලාව සඳහන් කරන ලද ග්‍රාම නිලධාරීගේ ලිපිය
- නොබෙදූ ඉඩම් හෝ ඔප්පු නොමැති ප්‍රවේණි ඉඩම් වල දැව ප්‍රවාහනයක් වේ නම් දිවුරුම් ප්‍රකාශය
- ග්‍රාම නිලධාරී විසින් තම අත් අකුරින් ලියා සහතික කරන ලද දැව ලැයිස්තුවේ පිටපත් 03ක්
- බලපත්‍රය ලබා ගැනීමට රු.236/- ක මුදල් ගෙවීමක් සිදුකල යුතුය.
- බලපත්‍රය ඉල්ලුම්කරු විසින් අත්සන් කළ යුතුය.
- දැව ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මාර්ගය, ප්‍රවාහනය අවසන් කරන ස්ථානයට ළගා විය හැකි කෙටිම මාර්ගය විය යුතුය.
- වෙනත් ප්‍රදේශයකින් ප්‍රවාහනය කරන දැව වෙනුවෙන් එම ප්‍රවාහන බලපත්‍රයේ මුල් පිටපත තිබිය යුතුය.
- හවුල් ඉඩමක් නම් ග්‍රාම නිලධාරී ඉදිරියේ සහතික කරන ලද හවුල්කරුවන්ගේ එකඟතාවය
දැව කැපීමේ බලපත්‍රයක් ලබා ගැනීමට ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන මොනවාද?
- ග්‍රාම නිලධාරී සහතික කළ හා නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත
- ගස් කපන ඉඩමේ ඔප්පු පිටපත (ග්‍රාම නිලධාරී විසින් සහතික කර තිබිය යුතුය)
- ගස පිහිටි ඉඩමේ පිඹුරු පිටපත (ගස පිහිටි අයුරු සටහන් කර ග්‍රාම නිලධාරී සහතික කළ යුතුය)
- ඔප්පු මඟින් නොබෙදූ ඉඩමක් හෝ ප්‍රවේණී ඉඩමක් නම් රු.50/-ක මුද්දරයක් ඇලවූ දිවුරුම් ප්‍රකාශයක්
- පිඹුරු සකස් කර නොමැති නම් ග්‍රාම නිලධාරී ඉදිරිපත් කරන ඉඩමේ දළ සටහන
- හවුල්කරුවන් සිටීනම් ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
- ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශයක පහත සඳහන් කරුණු සඳහන් විය යුතුය.:
- අයිතිකරුගේ නම
- අයිතිය ලද අයුරු
- ඉඩමේ හතර මායිම්
- නිරවුල් භුක්තිය විදින බව
- දැව කැපීමේ දී මතුවන ගැටළු හා ප්‍රවාහන ගැටළු වලින් රජයේ නිලධාරීන් නිදහස් කොට එම වගකීම් දරා ගන්නා බව සඳහන් විය යුතුය.
ජාතික හැඳුනුම්පතක් මුල්වරට හෝ අනුපිටපතක් හෝ සංශෝධන පිටපතක් ලබා ගැනීමේ දී ඉදිරිපත් කළ යුතු ලේඛන මොනවාද?
මුල් වර අයදුම්පතක් සඳහා
- වයස අවු.15 එළඹ සිටින ශ්‍රී ලංකික පුරවැසියෙකුට ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට හැකියාව ඇත.
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් අත්සන් කළ උප්පැන්න සහතිකයක මුල් පිටපත
- ජාතික හැඳුනුම්පතට අදාලව ලබාගත් ඡායාරෑප සහිත මුද්‍රිත පිටපත (ICAO ප්‍රමිතියෙන් යුතු)
- වසමේ ග්‍රාම නිලධාරි වෙත රු.320/-ක මුදලක් ගෙවා ලබා ගන්නා ලද රිසිට්පත අයදුම්පතෙහි පිටු අංක 05හි ඇලවිය යුතුය.
- අයදුම්පත්‍රය ග්‍රාම නිලධාරිගෙන් ලබා ගත යුතු අතර, එම ලේඛන හා අයදුම්පත්‍රය ග්‍රාම නිලධාරින් විසින් සහතික කර ගත යුතුය.
- වයස අවු.16 ඉක්ම වූ පසු ප්‍රමාද ගාස්තු ලෙස රු.2500/-ක් ගෙවිය යුතුය. ඊට අදාල අයදුම්පත්‍රය පුරවා ග්‍රාම නිලධාරි සහතික කළ යුතුය.
සංශෝධන අයදුම්පතක් සඳහා
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් අත්සන් කළ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- ජාතික හැඳුනුම්පතට අදාලව ලබාගත් ඡායාරෑප සහිත මුද්‍රිත පිටපත (ICAO ප්‍රමිතියෙන් යුතු)
- අවසන් වරට භාවිතා කරන ලද හැඳුනුම්පත
- මුද්දර ගාස්තු ලෙස රු.620/-ක් ගෙවා ග්‍රාම නිලධාරිගෙන් ලබා ගන්නා ලස රිසිට්පත
නැතිවූ අයදුම්පතක් (අනු පිටපතක්) සඳහා
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් අත්සන් කල උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- සහතික කරන ලද පොලිස් පැමිණිල්ල
- හැඳුනුම්පත් අංක සනාථ කිරීම සඳහා රියදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය, බැංකු පාස්පොත, ඡන්ද නාම ලේඛනයේ උධෘත සහ ලේඛන වලින් කුමක් හෝ ලේඛනයක් (ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පිටපතක් විය යුතුය)
- ජාතික හැඳුනුම්පතට අදාලව ලබාගත් ඡායාරෑප සහිත මුද්‍රිත පිටපත (ICAO ප්‍රමිතියෙන් යුතු)
- මුද්දර ගාස්තු ලෙස රු.1120/- ක මුදල ග්‍රාම නිලධාරි වෙත ගෙවා ලබා ගන්නා ලද රිසිට්පත / එක් දින සේවයෙන් හැඳුනුම්පත ලබා ගන්නේ නම් ඉහත ගාස්තු වලට අමතරව රු.2000/-ක මුදලක් අය කෙරේ.
සමාජ සේවා අංශය
ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු.45,000/- දීමනාව ලබා ගන්නේ කෙසේද?
-
ඔබ සහභාගී වන සායන මධ්‍යස්ථානයෙන්/ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලද අයදුම්පත්‍රය නිවැරිදිව සම්පූර්ණ කර ඔබ ස්ථීරව පදිංචි වසමේ ග්‍රාම නිලධාරිගෙන් පදිංචිය, පවුලේ සාමාජික සංඛ්‍යාව හා ආදායම් තත්ත්වය සහතික කර (ආදායම් සහතික කිරීමේ දී ග්‍රාම නිලධාරින් හට ආදායම් සනාථ කර ගැනීමට පහසුවන පරිදි පවුලේ කෙනෙකු රැකියාවක නියුතු නම් වැටුප් විස්තර, වාර්තා පිටපත් රැගෙන යාමට කාරුණික වන්න) පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ නිර්දේශ සහිතව ගැබ්ගෙන මාස 03ක් ඉක්ම වීටම පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමා විය සංවර්ධන නිලධාරි හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරි හට භාර දෙන්න.
එහිදී ඔබ විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය භාර දිය යුත්තේ ඔබ සහභාගීවන මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටය. ඔබගේ අයදුම්පත සමඟ ගැබිණි සටහන්පතේ සහතික කරන ලද පිටපතක් අමුණා තබන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වවුචර්පත ලද පසු මෙම වැඩසටහනට අදාලව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වෙළඳ ආයතන වෙතින් අදාල මාසයේ වවුචර්පත්‍රයට හිමි ආහාර ද්‍රව්‍ය ලබා ගත හැක. එක් වවුචර්පතක වටිනාකම රු.4500/-ක් වන අතර එක් ආයතනයකින් එකවර රු.4500/-ට සරිලන නිර්දේශීත ආහාර ද්‍රව්‍ය පමණක් ලබා ගත හැකිය. ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ දී නිර්දේශීත ආහාර පමණක් ලබා ගත යුතුය. එම නිර්දේශිත ආහාර ද්‍රව්‍ය වලින් ආහාර වර්ග අවම වශවෙන් 05ක් වත් ලබා ගත යුතු අතර ආහාර කාණ්ඩ කිහිපයක් නියෝජනය වන පරිදි ආහාර වර්ග තෝරා ගත යුතුය. නිර්දේශිත ආහාර ද්‍රව්‍ය හැර වෙනත් ද්‍රව්‍ය කාණ්ඩයන් හෝ මුදල් ගැනීමක් සිදු වූ වහාම ඔබට හිමි සියලු වවුචර්පත්‍ර අවලංගු කිරීමට සිදුවේ.
රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- ආරම්භ කර වසරක් ඉක්ම වූ රාජ්‍ය නොවන සංවිධාන ලියකියවිලි ලබා දීමෙන් පසුව ලියාපදිංචි කරනු ලබයි.
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය
උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 120ක්ද,
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 250ක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.
- දිවයිනේ සියලුම උප්පැන්න, විවාහ හා මරණ සහතික (1960 වර්ෂයේ සිට 2024 දක්වා) අපගේ කාර්යාලයෙන් නිකුත් කරනු ලැබේ.
උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ (උපත සිදුවූ කොට්ඨාසයේ) උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
- මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.
විශ්‍රාම වැටුප් අංශය
සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද?
- පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය හෝ ග්‍රාම නිලධාරි වර්තාව ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
- වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
- පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
- විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- විවාහ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
- වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
- වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
- සම්පූර්ණ කරන ලද PD04 ආකෘති පත්‍රය
- ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූප 02ක්
- ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
- ඉහත තොරතුරු ආශ්‍රයෙන් මාර්ගගත දත්ත පද්ධතියේ වැන්දඹු වැටුප සකස් කිරීමට අදාල තොරතුරු යාවත්කාලීන කිරීම සිදුකරයි
විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප නතර කර ඇත්තේ ඇයි?
- අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
- විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
- පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් නොකොට විදේශ ගත වීම
- යම් හේතුවක් නිසා විශ්‍රාමිකයා බන්ධනාගාර ගතවුවහොත්
- විශ්‍රාමිකයා විශ්‍රාම ගොස් මාස 03ක් ඇතුලත සේවය කරන ලද ආයතනයෙන් විශ්‍රාම වැටුප් ලිපි ගොණුව අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත නොලැබීම
වැන්දඹුව මියගිය පසු විශ්‍රාම වැටුප උරුමකරුවන්ට ගෙවන්නේ නැත්තේ ඇයි?
-
වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැත.
- වැන්දඹු අනත් දරු විශ්‍රාම වැටුප් පනතේ ඒ සඳහා ප්‍රතිපාදන දක්වා නොමැති වීම
දුම්රිය නිදහස් බලපත්‍ර ලබාගැනීමට සැපිය යුතු තොරතුරු මොනවාද?
- ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද PD7 ආකෘති පත්‍රය මඟින් ඔන්ලයින් (Online) ක්‍රමය හරහා ලියාපදිංචි විය යුතුය. පොදු 247 ආකෘති පත්‍රය මඟින් ගමන් වාරයට අදාල දුම්රිය බලපත්‍ර ඉල්ලීම් කළ යුතුය.
- යැපීම් දීමනා ලබන්නන්හට හා අනත්දරුවන්ගේ භාරකරුවන් හටද දුම්රිය බලපත්‍ර නිකුත් නොකෙරේ.
- දෙදෙනාම විශ්‍රාමික නම් එක් අයෙකු පමණක් ලියාපදිංචි විය යුතු අතර දෙදෙනාගෙන් එක් අයෙකුට හිමි ඉහළම පන්තිය පවුලේ සාමාජියන් සියළුදෙනාට හිමි වේ.
- වර්ෂයකට කට්ටල 03 හෝ තනි ගමන්වාර 06ක් හිමි වේ.
- වයස් සීමාවක් නොමැත.අවිවාහක රැකියා විරහිත දරුවන්ට ලබා ගත හැක. අවිවාහක බව හා රැකියා විරහිත බව ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතුය.
- අවිවාහක නම් යැපෙන දෙමාපියන්ට හා සහෝදර සහෝදරියන්ට හිමිය. දෙමාපියන්ගේ හා සහෝදර සහෝදරියන්ගේ ආදායම් තත්ත්වය ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතුය.














