ජාතික
ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය හරහා උපාධිධාරීන් අදියර කිහිපයක් යටතේ රාජ්‍ය අංශයෙහි වසරක පුහුණුවකට යටත්ව බඳවා ගනු ලබයි. ඒ අනුව 2017.08.06 දිනැති පුවත්පත් දැන්වීමට අදාළව සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වී පළමු අදියර යටතේ පුහුණුව සඳහා පත්වීම් නොලද රැකියා විරහිත උපාධිධාරීන් නැවත ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කොට ඇත. ඒ අනුව උපාධිධාරීන් තමන්ගේ ස්ථීර පදිංචිය සහිත ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලියාපදිංචි විය යුතුය. අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ද උපාධිධාරීන් ලියාපදිංචි කිරීමේ කටයුතු දැන් ආරම්භ කොට ඇත. එම නිසා බෙන්තොට කොට්ඨාසයට අදාල උපාධිධාරීන් 2018.07.16ට පෙර අප කාර්යාලයට පැමිණ ලියාපදිංචි විය අතර එම අවස්ථාවේදීම සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය හා වේලාව දැනුම් දෙනු ලැබේ. මෙම උපාධිධාරීන්ගේ උපාධිය 2018.06.30 දිනට සම්පූර්ණ වී තිබිය යුතු අතර වයස අවුරුදු 45ට අඩු විය යුතුය. ලියාපදිංචි වීමට අදාල අයදුම්පත මෙතනින් බාගත කර ගන්න.














