



ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන යටතේ බෙන්තොට අංගාගොඩ ග්‍රාම නිලධාරී වසමේ ඉදිකරන ලද බහු කාර්යය ගොඩනැගිල්ල පසුගිය දා (02) ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ සුරතින් විවෘත කරන ලදී. මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානායක්කාර මැතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මහජන නියෝජිතයන් කිහිපදෙනෙකු සහභාගී වූ අතර රාජ්‍ය නිලධාරී විශාල පිරිසක් ද සහභාගී විය. තවද මෙම අවස්ථාවේදී 2017 වර්ෂයේ බෙන්තොට ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුකොට ගෙන විනාශ පත් දේපල සදහා වන්දි චෙක් පත් ප්‍රදානයක් ද සිදු කරන ලදී.














