FAQ:
01. වැන්දඹු අනත්දරු වි.වැ ලබා ගැනීම සඳහා විශ්‍රාමිකයන් විසින් සැපයිය යුතු තොරතුරු
- PD4 ආකෘති පත්‍රය
- වැන්දඹු/ වැන්දඹු පුරුෂයාගේ ජාතික හැඳුනුම්පතේ ඡායාපිටපතක් (ග්‍රා.නි විසින් සහතික කරන ලද)
- පාස්පෝර්ට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 02ක් (ග්‍රා.නි විසින් සහතික කරන ලද)
- වැන්දඹුවගේ තනි පුද්ගල බැංකු ගිණුමක ඡායා පිටපතක් (ග්‍රා.නි විසින් සහතික කරන ලද)
- මරණ සහතිකය (ග්‍රා.නි විසින් සහතික කරන ලද)
- විවාහ සහතිකය (ග්‍රා.නි විසින් සහතික කරන ලද)
- නමේ වෙනස්කම් ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක් (ග්‍රා.නි විසින් සහතික කරන ලද)
02. දුම්රිය නිදහස් බලපත්‍ර ලබාගැනීමට සැපයිය යුතු තොරතුරු
- ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලදPD7 ආකෘති පත්‍රය මඟින් ඔන්ලයින් ක්‍රමය (Online) හරහා ලියාපදිංචි විය යුතුය. පොදු 247 ආකෘති පත්‍රය මඟින් ගමන් වාරයට අදාල දුම්රිය බලපත්‍ර ඉල්ලීම් කළ යුතුය.
- යැපීම් දීමනා ලබන්නන්හට හා අනත්දරුවන්ගේ භාරකරුවන් හට ද දුම්රිය බලපත්‍ර නිකුත් නොකෙරේ.
- දෙදෙනාම විශ්‍රාමිකයන් නම් එක් අයෙකු පමණක් ලියාපදිංචි විය යුතු අතර දෙදෙනාගෙන් එක් අයෙකුට හිමි ඉහළම පන්තිය පවුලේ සාමාජියන් සියළුදෙනාට හිමි වේ.
- වර්ෂයකට කට්ටල දෙකක් හෝ තනි ගමන්වාර හතරක් හිමි වේ.
- වයස් සීමාවක් නොමැත. අවිවාහක රැකියා විරහිත දරුවන්ට ලබා ගත හැක. අවිවාහක බව හා රැකියා විරහිත බව ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතුය.
- අවිවාහක නම් යැපෙන දෙමාපියන්ට හා සහෝදර සහෝදරියන්ට හිමිය. දෙමාපියන්ගේ හා සහෝදර සහෝදරියන්ගේ ආදායම් තත්ත්වය ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතුය.
විශ්‍රාම වැටුප් තොරතුරු සෙවීම සඳහා
|
විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් - 2018
| මාසය | දිනය |
| ජනවාරි | 10th |
| පෙබරවාරි | 09th |
| මාර්තු | 09th |
| අප්‍රේල් | 06th |
| මැයි | 10th |
| ජුනි | 08th |
| ජූලි | 10th |
| අගෝස්තු | 10th |
| සැප්තැම්බර් | 10th |
| ඔක්තොම්බර් | 05th |
| නොවැම්බර් | 09th |
| දෙසැම්බර් | 10th |
බෙන්තොට කොට්ඨාසයේ සිටින විශ්‍රාමිකයන් පිළිබඳ තොරතුරු
| අනු අංකය | විශ්‍රාමික වර්ගය | සංඛ්‍යාව |
| 01 | සිවිල් විශ්‍රාම වැටුප් | 950 |
| 02 | හමුදා සේවා විශ්‍රාම වැටුප් | 272 |
| 03 | හමුදා යැපීම් | 83 |
| 04 | සිවිල් වැන්දඹු | 324 |
| 05 | සිවිල් වැන්දඹු පුරුෂ | 21 |
| 06 | ආබාධිත අනත්දරු | 18 |
| 07 | හමුදා වැන්දඹු | 38 |
| 08 | වෙනත් | 57 |
| එකතුව | 1763 | |














