ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සෑම මසකට වරක් පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාව මෙවර අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2020.08.11 වන දින දවස පුරා පැවැත්වීමට නියමිතව ඇත. මෙම සාකච්ඡාව සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු දිස්ත්‍රිකයට අනුයුක්ත මාණ්ඩලික නිලධාරින් රැසක් සහභාගී වීමට නියමිතව ඇත. එබැවින් දෛනික රාජකාරි කටයුතු වලට යම් බාධාවන් සිදුවිය හැකි බැවින් සිදුවන අපහසුතාවලට කණගාටුව පලකර සිටිමු.
ඔබ ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද පොළට යෑමේදී සැලිකිලිමත් විය යුතු කරුණු..
- අනිවාර්යයෙන් මුහුණු ආවරණයක් පළඳින්න
- නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යන්න (මෙය නොමැති වුවද ඔබේ අනන්‍යතාව පැහැදිලි කර ඡන්දය ලබා දිය හැක)
- වලංගු හැඳුනුම්පතක්
- ඡන්දය සලකුණු කිරීමට කළු හෝ නිල් බෝල්පොයින්ට් පෑනක් රැගෙන එන්න
ඡන්දය ලබා දී හැකි ඉක්මනින් එම ස්ථානයෙන් පිටත්වන්න.
රජයේ ඉඩම් සම්බන්ධ පළාත් දිනය වෙනුවෙන් සංවිධානය කල එක් දින සේවයක් 2019.02.26 වන දින මිරිස්වත්ත නිලසෙවන කාර්යාලයේ දී පැවැත්විණි.
![]() |
![]() |
![]() |
![]() |




















