ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ලද නිල සෙවණ කාර්යාල විවෘත කිරීම සහ කාපටි කරන ලද පිටාරඹ ශ්‍රී ධර්මවිජයාරාම මාර්ගය ජනතා අයිතියට පත් කිරීම බෙන්තොට ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා, අමිල කර්ෂණ කාරියවසම් මැතිතුමා, දකුණු පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානායක්කාර  මැතිතුමා ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලාගේ සහභාගීත්වයෙන් සහ ස්වදේශ කටයුතු ගරු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමාගේ සුරතින් 2018.10.06 වන දින ජනතා අයිතියට පත් කරන ලදී.

 IMG 9038  IMG 9066 IMG 9160 
     
 IMG 9212  IMG 9217  IMG 9261

රැකියා විරහිත 360x220ebook interviewicon2උපාධිධාරීන් සඳහා වන සම්මුඛ පරීක්ෂණ 2018 ජුලි මස 16, 17 හා 19 වන දින වලදී  බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී උදේ 9.00 සිට දහවල් 12.00 දක්වා පැවැත්වේ. මේ වන තෙක් ලියාපදිංචි වූ සියළුම උපාධිධාරීන්ට අදාල සම්මුඛ පරීක්ෂණ දිනය හා වේලාව දන්වා තැපෑල මඟින් ලිපි යවා ඇති අතර කිසියම් පුද්ගලයකු හට එම ලිපිය නොලැබුණි නම් කඩිනමින් 034 2275238 (මනෝරි මිය) දුරකථන අංකයට අමතා සම්මුඛ පරීක්ෂණ දිනය පිළිබඳ තොරතුරු ලබා ගන්නා මෙන් කාරුණිව දන්වා සිටිමු.

 
0102030405
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන යටතේ බෙන්තොට අංගාගොඩ ග්‍රාම නිලධාරී වසමේ ඉදිකරන ලද බහු කාර්යය ගොඩනැගිල්ල පසුගිය දා (02) ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ සුරතින් විවෘත කරන ලදී. මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානායක්කාර මැතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මහජන නියෝජිතයන් කිහිපදෙනෙකු සහභාගී වූ අතර රාජ්‍ය නිලධාරී විශාල පිරිසක් ද සහභාගී විය. තවද මෙම අවස්ථාවේදී 2017 වර්ෂයේ බෙන්තොට ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුකොට ගෙන විනාශ පත් දේපල සදහා වන්දි චෙක් පත් ප්‍රදානයක් ද සිදු කරන ලදී.

ජාතික  gif new 14ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය හරහා උපාධිධාරීන් අදියර කිහිපයක් යටතේ රාජ්‍ය අංශයෙහි වසරක පුහුණුවකට යටත්ව බඳවා ගනු ලබයි. ඒ අනුව 2017.08.06 දිනැති පුවත්පත් දැන්වීමට අදාළව සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වී පළමු අදියර යටතේ පුහුණුව සඳහා පත්වීම් නොලද රැකියා විරහිත උපාධිධාරීන් නැවත ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කොට ඇත. ඒ අනුව උපාධිධාරීන් තමන්ගේ ස්ථීර පදිංචිය සහිත ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලියාපදිංචි විය යුතුය. අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ද උපාධිධාරීන් ලියාපදිංචි  කිරීමේ කටයුතු දැන් ආරම්භ කොට ඇත. එම නිසා බෙන්තොට කොට්ඨාසයට අදාල උපාධිධාරීන් 2018.07.16ට පෙර අප කාර්යාලයට පැමිණ ලියාපදිංචි විය අතර එම අවස්ථාවේදීම සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය හා වේලාව දැනුම් දෙනු ලැබේ. මෙම උපාධිධාරීන්ගේ උපාධිය 2018.06.30 දිනට සම්පූර්ණ වී තිබිය යුතු අතර වයස අවුරුදු 45ට අඩු විය යුතුය. ලියාපදිංචි වීමට අදාල අයදුම්පත මෙතනින් බාගත කර ගන්න.

News & Events

01
ජූනි2026
වෙසක් පොහොය නිමිති කර ගනිමින් පවත්වන ලද සීල සමාදන් වැඩසටහන

වෙසක් පොහොය නිමිති කර ගනිමින් පවත්වන ලද සීල සමාදන් වැඩසටහන

ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් වූ පින්බර වෙසක්...

10
පෙබ2024
නව ප්‍රාදේශීය ලේකම්වරයෙකු පත් කෙරේ

නව ප්‍රාදේශීය ලේකම්වරයෙකු පත් කෙරේ

ඩබ්ලිව්.ඒ.ජනහිත මහතා නවවැනි ප්‍රාදේශීය ලේකම් ලෙස අද...

Scroll To Top